Sunday, November 5, 2017

පානම ගම්මානය

පානම ගම
නැගෙනහිර පළාතේ,  අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් පොතුවිල් ප්‍රදේශයේ පිහිටි  ඉතාමත් සුන්දර ආකර්ෂණීය වන පෙත් හා විවිධ වූ සතුන් ගැවසෙන සොබා සෞන්දර්යය පිරි භූමියකි පානම නම් මා වෙසෙන ගම.

දෙස් විදෙස්  සංචාරකයින්ගේ නෙත් රඳවා  ගැනීමට සමත් මේ පරිසර සෞන්දර්ය දක්ෂ සිත්තරෙකුගේ සුවිශේෂී දස්කම් දැක්වීමට අඳින ලද  සිතුවමක්ද කියා සිතා ගත නොහැකිය.

එකත් පසෙකින් නිල්වන් වෘක්ෂ ලතාවන්ගෙන් පිරි වන පෙත,  නිදහසේ සැරිසරන සිව්පා සතුන්, "කුමන " වැනි කරුලු පාරාදීසය සංචාරක සිත්  ඇදගන්නා  කිඹුලන් ආදී විවිධ සුන්දර පරිසර විෂමතා වලින් පිරී පානම ඉතා චමත්කාරය ජනක ප්‍රදේශයකි. ඔකඳ, කුඩුම්බිගල, කුමන, පානම වැව, පානම වෙරළ තීරය, කැඹිලිත්ත ආදී ස්ථාන සංචාරකයින්ගේ වැඩි අවධානයක් යොමු වන ස්ථාන වේ.  වසරකට වරක් පවත්වාගෙන යනු ලබන "අං කෙළිය " පානම මිනිසුන්ගේ  දේව භක්තිය කෙතරම් ද යන්න  පිළිබිඹු වනු ඇත.

පානම ගම්මානය සහජීවනයෙන් පිරි ප්‍රදේශයක් බව කිව යුතුය.එනම් ගමෙහි කුමන හෝ අයෙකුගෙන් විමසා බැලුවද එම පුද්ගලයා විසින් පවසා සිටින්නේ ඔහු හෝ ඇය මාගේ මාමා, බාලම්මා හෝ වෙනත් නෑ කෙනෙක් බවයි. සිංහල, දෙමල යන ජාතීන් දෙවර්ගයම වාසය කරන අතර විවාහය මේ  ජාතීන් දෙක අතර ද සිදුවේ. මොවුන් එකා මෙන් එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් එකාවන්ව වාසය කරන මිනිසුන් වෙති.  පනමෙහි පිටස්තර කෙනෙක් සෙවීම කිරීමට නොහැකි දෙයක් බව මා අමුතුවෙන් කිව යුතු නැත.

පානම ගම්මානයේ පිහිටි සුන්දර වූ වැදගත් වූ ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරියේ දී. . . . . .

ලිපිය :

ජී. ප්‍රභාත් ලක්ෂික ගුණවර්ධන
පානම සිංහල මහා විද්‍යාලයේ සිසුවෙකි.

No comments:

Post a Comment

A/Level අසමත් කියලා විදවනවද?

ඔබ A/Level අසමත් ද?       විදවන්න එපා.ඔබ ඔබේ හැකියාවන් ප්‍රගුණ කරගන්න.එවිට ඔබට ඔබ කවුද යන්න වැටහෙනු අැත.